රජකම කාටද ?

එක රජ කෙනෙක් වයසට යද්දි හිතුවලු මීලඟට රජ වෙන්න සුදුසු කෙනෙක් තෝරගන්න ඕන කියල.රජතුමා රටපුරා අණබෙරයක් යැව්වලු තමුන් දෙන අභියෝගය ජයගන්න කෙනාට මීලඟ රජකම ලබාදෙනව කියල.
මේක දැනගත්තු ගොඩ දෙනෙක් අභියෝගය බාරගන්න රජවාසලට ආවලු. මේක අහපු පොඩි ගෑනුළමයෙකුත් ආවලු.
රජතුමා ආපු හැමෝටම මල් පිපෙන මල් ගහක ඇට බෙදල දුන්න. දීල කිව්ව "මම ඔබට අවුරුද්දක කාලයක් දෙනව, මේ ඇට හිටවල ලස්සනම මල අරන් එන කෙනාට රජකම හිමිවේවි " කියල.ඉතිං මේ ඇට අරන් ගිය ගෑණු ළමය, ඇට ටික පෝච්චියක හිටෝල බොහොම හොඳට සාත්තු කලාලු. උදේ හවස වතුර දැම්මලු. මෙහෙම සෑහෙන දවසක් ගතවුනා.
ඒත් ගහ පැලවුනේම නෑලු. කොහොම හරි අවුරුද්දක කාළය පිරෙන දවසත් ලැබුවලු.අනික් කට්ටිය ලස්සන ලොකු මල් අරන් රජවාසලට යනවලු. දුකෙන් ඉන්න තමුංගෙ දුව ගාවට ආපු තාත්ත කිව්වලු "ඔබ ඔබගේ උපරිමයෙන් කලා, රජතුමාට පිළිගන්වන්න එය ප්‍රමානවත් " කියල.
ඉතිං මේ ළමය පස් විතරක් තියෙන හිස් පෝච්චියත් අරන් රාජ ශාලාවට ගියාලු. රජතුමා අනික් අය ගෙනාපු මල් බොහොම උනන්දුවෙන් බලනවලු. රජතුමා ඔහොම බල බල එද්දි දැක්කලු හිස් පෝච්චියක් තියන් ඉන්න ළමයව.

රජතුමා ඇහුවලු " ඇයි ඔබ හිස් පෝච්චියක් අරන් ආවෙ ? " කියල. ගෑණු ළමය කිව්වලු " රජතුමෙනි , මම ඔබ දුන් ඇට හොඳම පස් වල හිටවල, හැමදාව වතුර දාල රැකබලා ගත්ත. ඒත් ඒව පැලවුනේ නෑ " කියල.

රජතුමා හිනාවෙලා, ළමයව අතින් අල්ලන් ශාලාව ඉදිරියට ගියාලු. ගිහිල්ල හැමෝටම ඇහෙන්න කිව්වලු, "මම තරඟයේ ජයග්‍රාහකයා තෝරගත්ත.ඔබට ඔය බීජ කවුරු දුන්නාදැයි මම දන්නේ නෑ, වසරකට කලින් ඔබ හැමටම දුන්නේ මියගිය බීජයි, ඉතින් මම දුන් බීජ හිටවා ඇත්තේ මැය පමනයි. එබැවින් රජකම ඇයට හිමියි " කීවලු.

පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්


http://sinhala-catholic.blogspot.com


5 comments:

  1. ලස්සනයි කතාව

    ReplyDelete
  2. can you pls share the sunday sermon every week?

    ReplyDelete
  3. @ Ano : Im in KSA these days Friend, no Sunday sermons for me even. :)

    ReplyDelete
  4. ඇත්තටම මේකේ සම්පුර්ණ කථාව පහුගිය o/L ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්තරේ තිබ්බා,මෙයිට වඩා ලස්සනට හා අර්ථවත්ව ටිකක් වෙනස් කරලා වටිනා ආදර්ශයක්ද සමගින්.

    ReplyDelete
  5. @රත්නේ : What is the complete story ? :i

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..