ස්වර්ගය කෝකද ?


වයසක අංකල් කෙනෙක් තමුන්ගෙ සුරතල් බල්ලත් එක්ක පාරෙ ඇවිදන් යද්දි හදිසි අනතුරක් වෙලා දෙන්නම එතනම මියගියාලු. දැන් දෙන්නගෙම ආත්මයන් දෙක අලංකාර තාප්පයක් අයිනෙන් තියෙන පාරක් දිගේ ඇවිදන් යනවලු. යද්දි ඉස්සරහින් තියෙනවලු රනින් කරපු ලස්සන විශාල ගේට්ටුවක්.

අංකල් ට දැන් හොඳටම විශ්වාසයි ලු තමුං ස්වර්ගයට ඇවිත් කියල. ගේට්ටුවට ඇතුලෙන් උද්්යාන බංකුවක වාඩිවෙල ඉන්නවලු දිවසලු ඇඳගත්තු බොහොම පියකරු මනුස්සයෙක්. අංකල් කතාකරල ඇහුවලු "මේ.. මේක ස්වර්ගයද ? " කියල. අර මනුස්සය හිනාවෙලා උත්තරදුන්නලු " ඔව් මහත්මයා .." කියල.

අංකල්ට හොඳටම තිබහයි ලු . අංකල් ඇහුවලු "මට වතුර ටිකක් බොන්න පුලුවන්ද ?" කියල. "අපොයි පුලුවන්." අර මනුස්සය උත්තර දුන්නලු. විශාල ගේට්ටු දෙක විවරවුනාලු . පිරිසිඳු වතුර වීදුරුවක් ගත්තු සේවකයෙක් එනව අංකල් දැක්කලු. අංකල් තමුන්ගෙ බල්ලත් එක්ක අස්සට එන්න ඇතුල්වුනාලු. එතකොට අර කලින් හිටපු මනුස්සය ටිකක් සද්දෙන් කිව්වලු " මහත්මයා.. අපි බල්ලොන්ව අස්සට ගන්නෙ නේ." කියල.

අංකල්ට මාර අප්සට්ලු. ඇහුවලු "එහෙනන් බල්ලට වතුර ටිකක් ගන්න පුලුවන්ද ?" කියල. අර මනුස්සය උත්තරදුන්නලු "සමාවෙන්න. අපි බල්ලොන්ට වතුර දෙන්නෙත් නෑ." කියල. තමුන්ගේ එකම හිතවතා වෙන සුරතල් බල්ලව දාල යන්න දුක නිසා අංකල් පාර දිගේ දිගටම යන්න පිටත් උනාලු.

ඉදිරියට එද්දි තියෙනවලු ටිකක් අබලන්, ගොවිපලක් වගේ තැනක්. මෙතන්ට ඇතුල්වෙන තැන ගේට්ටුවක්වත් නෑලු. අංකල් බල්ලත් එක්කම ටිකක් ඇතුලට ගියාලු. කිට්ටුව ගහක් යට මනුස්සයෙක් බොහොම නිස්කලංකව පොතක් කියවමින් ඉන්නවලු.
අංකල් ඇහුවලු " මටයි මගේ බල්ලටයි වතුර ටිකක් බොන්න පුලුවන්ද ? " කියල. " අපොයි පුලුවන්, අර නළ ලිඳෙන් ඕනතරං වතුර අරන් බොන්න. එතනම තියෙන භාජනේට වතුර දාල බල්ලටත් වතුර දෙන්න" මනුස්සය කිව්වලු.
අංකල්ට ගොඩක් සන්තෝසයි ලු. අංකල් ඇහුවලු " මේ තැන මොකක්ද ?" කියල. "මේ තමා මහත්මයා ස්වර්ගය.." මනුස්සය උත්තර දුන්නලු.
 "එතකොට අරක ?" අංකල් ඇහුවලු."ආ. ඒක තමා අපාය." කියල මනුස්සය උත්තර දුන්නලු.


පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්



http://sinhala-catholic.blogspot.com

2 comments:

  1. 'විනාශයට යන දොරටුව ලොකුය. එහි පාරද පළල්ය'....

    අපි දන්න බයිබල් පාඨයක් ලස්සන කතාවකට නගල තියනවා.
    පල්ලියේ කතා බ්ලොග් එක දැකල මටත් හිතුන ඒ වගේ බ්ලොග් එකක් පටන් ගන්න. තාම වැඩි දවසක් නැහැ. වෙලාවක් ලැබුනොත් ටිකක් ගොඩවෙලා යන්න එන්න.
    ස්තුතියි

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..