ප්‍රවීණයෙක් වෙන විදිහ


දවසක් සවස රජතුමා  ලිපියක් ලියමින් ඉද්දි,  සුපුරුදු පරිදි සේවකය දැල්වූ ඉටිපන්දමක් අරන් ආවලු මේසෙට තියන්න. කොහොමහරි සේවකයගේ නොසැලකිල්ල නිසා ඉටිපන්දමේ දැල්ල රජතුමාගෙ කොන්ඩෙට වැදිල කොන්ඩෙ එකපාරම ගිනිගත්තලු.
රජතුමා එකපාරම ගිනිදැල්ල ගසාදමල ගින්න නිමුවලු. ඊටපස්සෙ තමුන් කර කර උන්නු වැඩේ දිගටම කරගෙන ගියාලු.
පහුවදා රජතුමා වැඩකරද්දි ඉටිපන්දම අරන් ආවෙ වෙනත් සේවකයෙක්ලු. වෙච්ච සිද්දිය ආරන්චිවෙලා තමුන්ගෙ උපදේශකයින් කලින් උන්නු සේවකයව එලවල තියෙන බව රජතුමාට තේරුම් ගියාලු.

රජතුමාට තමුන්ගෙ කලින් උන්නු සේවකය ගැන ලොකු දුකක් ඇතිවුනාලු. ඔහු තමුන්ගෙ උපදේශකයන් ලඟට ගිහිල්ල කිව්වලු " කලින් උන්නු සේවකයවම එවන්න. මොකද දැන් ඔහු ඉටිපන්දම පරිස්සමට ගෙනත් තියන එක ගැන ප්‍රවීණයෙක් . " කියල.



5 comments:

  1. ඇත්ත. අලුත් එක්කෙනා ප්‍රවීන වෙනකොට ආයෙත් කරදරේ රජතුමාටමනෙ.

    ReplyDelete
  2. කතාව ඇත්ත..සේවකයා වැරැද්දෙන් පාඩමක් ඉගෙනගෙන ඇතිනෙ........

    ReplyDelete
  3. වැදගත් වැඩකි...තව ටිකක් කොන්ඩෙ පිච්චෙන්න ඉටිපන්දම තියන් ඕනි..පණ්ඩිත රජතුමාට මොලේ පෑදෙන්ට...

    ReplyDelete
  4. අස්කරලා ආයිමත් රස්සාව දුන්නම තවත් හොඳයි. එතකොට ඒක මතක තියනකන් ඒ වැරැද්ද ආයි කරන්නේ නැහැනේ

    ReplyDelete
  5. වැරදි මතින් සාර්ථකත්වය.

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..