අපිට ඇති කරදර


ජේසුස් වහන්සේගේ වචන, ශු.බයිබලයෙන් උපුටාගැනීමකි.

" එහෙයින් මම ඔබට කියමි: කුමක් කමුද, කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න.කෑමට වඩා ජීවිතයද , ඇඳුමට වඩා ශරීරයද අගනේ නොවේද ?

අහසේ කුරුල්ලන් දෙස බලන්න.උන් වපුරන්නේවත්, කපන්නේවත්, අටුවල රැස්කරන්නේවත් නැත. එහෙත් ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ උන් පෝශනය කරන සේක.ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නොවේද ?

කරදර වීමෙන් තමාගෙ ආයු ප්‍රමානය දික්කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුලුවන්ද ?


ඔබේ ඇඳුම් ගැන කරදර වන්නේ කුමටද ? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත්, නූල් කටිනේවත් නැත. එහෙත් සියලු රාජ තේජසින් විරාජමාන වූ සලමොන් වුවද, මේ මල්වලින් එකක් සේ සැරසී නොසිටියේයැයි මම ඔබට කියමි.


ඇදහිල්ල හීන තැනැත්තෙනි! අද තිබී හෙට උඳුනේ දමන කෙතේ තණකොළ දෙවියන් වහන්සේ එසේ සරසන සේක්නම්, ඊට කොපමන වැඩියෙන් උන්වහන්සේ ඔබ නොසරසන සේක්ද?

එබැවින් කුමක් කමුද, කුමක් බොමුද, කුමක් අඳිමුද, කියමින් කරදර නොවන්න. විජාතීන් සැමවිටම සොයන්නේ මේවාමය. මේවා ඔබට ඕනැබව ඔබේ ස්වර්ගීය පියානන් වහන්සේ දන්නාසේක,

එහෙත් පලමුකොට උන්වහන්සේගේ රාජ්්යද,ධර්මිෂ්ටකමද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනුලැබේ.

එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ.- එක දවසක කරදර වලට තව කරදර එකතු නොකරන්න. "

(මතෙව් 6:25-34)





4 comments:

  1. ඉදිරිය ගැන හිතන්න එපා වගේ අදහසක් එනවාද?

    ReplyDelete
    Replies
    1. මට තේරෙන විදිහට අපි වර්තමානයේ ඉඳන් වැඩිහරියක් කරන්නෙ අනාගතේ ගැන කරදර වෙන එක. ඒත් ඒකෙන් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ, අපිට කරන්න පුලුවන් හොඳම දේ අද අපිට කරන්න තියෙන දේ උපරිම හොඳට ධාර්මිකව සිද්දකිරීම විතරයි. එතකොට අනවශ්්ය පසුතැවීම් අවම කරගන්න පුලුවන් වේයි. නොදන්නා අනාගතේ දෙවියන්ට බාරයි.

      Delete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..