එක්තරා ධාර්මික මනුස්සයෙක්ගෙ ගෙදරට මහලු හිඟන්නෙක් ආවලු. හිඟන්නා ගැන අනුකම්පා හිතුන මිනිහ, තමුන් එක්ක රෑ කෑම ගන්න එන්න කියල හිඟන්නට ආරාධනා කලා ලු.

මේ හිඟන්න ආපු වෙලේ ඉඳන් දෙවියන් වහන්සේට බනිනවලු, තමන්ට නොදුන් දේ ගැන දෙවියන්ට සාප කරනවලු.
දෙවියන්ට ගොඩක් ආදරේ කරපු ගෙහිමියට මේ මනුස්සයගෙ හැසිරීම නිසා ඔහුව එපා වුනාලු. ඔහු හිඟන්නාට කෑම නොදීම , ඔහුව එලවල දැම්මලු.
එදා රාත්‍රියේ , මේ ධාර්මික මනුස්සයට පලමු වතාවට දෙවියන් වහන්සේ කතා කලාලු. කතා කරල කිව්වලු
"අර මනුස්සය මට අපහස කරද්දිත්, මට සාප කරද්දිත්, අවුරුදු පනහක් පුරාවට මම ඔහුට හෑමදාම කන්න්න දුන්න, ඔබට බැරිවුනා ඔහුට එක වේලක් කන්න දෙන්න.. " කියල.
පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
1 comments
නිවසට පැමිනි හිඟන්නා
Published on in නිවසට පැමිනි හිඟන්නා
Related Posts
Subscribe to:
Post Comments (Atom)
1 Response to නිවසට පැමිනි හිඟන්නා
දෙවියන්ව අපේ කර ගන්න ගියාම නේද ඔහොම වෙන්නෙ? හොඳ කතාවක්...
Add Your Comment
කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..