දවසක් තාත්ත කෙනෙක් තමුන්ගෙ පුතාට කතා කරල ලුනු කැට ටිකක් දීල කිව්වලු "මේ ලුනු ටික ගිහිල්ල භාජනේකට දාල දිය කරන්න. " කියල.
ඉතින් පුතා එහෙම කරාලු.
පහුවදා තාත්ත කතාකරල කිව්වලු " පුතේ , අර ඊයෙ දීපු ලුනු ටික අරන් එන්න" කියල.
පුතා කිව්වලු "ඒ ලුනු හොයන්න නෑනෙ. ඔක්කොමටික වතුරෙ දියවෙලා " කියල.
එතකොට තාත්ත කිව්වලු " හොඳයි, එහෙනන් ඒ භාජනේ එක අයිනකින් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.
තාත්ත ආයෙ කිව්වලු " හොඳයි, එහෙනන් භාජනේ මැද හරියෙන් වතුරේ රස බලන්න" කියල. පුතා රස බලල කිව්වලු "ලුනු රසයි" කියල.
තාත්ත කිව්වලු "පුතා , දෙවියන් වහන්සේත් මේ වගේමයි, වෙනම හෙව්ව්වට අත්දකින්න බෑ, මොකද එතුමන් ඉන්නේ අප අතරමයි" කියල.
පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello
6 comments
දෙවියන්ව සෙව්වාද ?
Published on in දෙවියන්ව සෙව්වාද ?
Related Posts
Subscribe to:
Post Comments (Atom)
6 Response to දෙවියන්ව සෙව්වාද ?
මේ ලෝකේ ලොකුම බොරුව ටමය් දෙවියෝ ලෝකේ මැව්වා කියන එක. බොරුවක් කියල ආගම පටන් ගත්තම එකේ එති පලය මොකක්ද ?. එක එතකොට ලෝකේ ලොකුම රෙවටීම කරපු බොරු කරය කවුද ?
එහෙනම් ඉතින් දිය කරන්න කලින් ට්‍රයි කරොත් දෙවියන්ව අල්ල ගන්න පුලුවන්
මට නම් හිතුණේ මේ දේ කිතුණු අයට විතරක් නෙමෙයි අද සමාජයේ අනිත් ආගම් ධර්ම වලටත් හොඳ ආදර්ශයක් කියලා.. වෙන වෙනම හෙව්වට අත්දකින්න බෑ.. ඒත් ඒ හැමදෙනාම එකට එකතුවෙලා හැමෝගෙම ජීවිත ප්‍රයෝජනයක් තියෙන අයවලුන් බවට පත්වෙන්න පුළුවන්.. :)
ඔබේ මේ උත්සහයට මගෙන් සුබ පැතුම්..!!!
ආදර්ශමත් කතාවක් ..
කතාව හොඳා.
ලුණුවල අනිත් කතාව තමයි අන්‍යයන්ගේ සුඛවිහරණය වෙනුවෙන් වැයවීම. කෙටියෙන්ම කිව්වොත් පරාර්ථකාමිත්වය..
Add Your Comment
කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..