අතේ ඇති බිත්තරය


නසරුඩීන් කලේ බිත්තර කඩයක් පවත්වාගෙන යාම ලු.

දවසක් මිනිහෙක් කඩේට ඇවිල්ල කිව්වලු "පුලුවන් නන් මගේ අතේ තියෙන්නෙ මොකක්ද කියල කියන්න " කියල.

නසරුඩීන් කිව්වලු "මට පොඩි ඉඟියක් දෙන්න " කියල.

එවිට මිනිහ කිව්වලු
" ඒකට බිත්තරේක හැඩය තියෙනව.
     ඒක බිත්තරයක ප්‍රමාණය තරම්ම වගේ ඇති.
          ඒකෙ පෙනුමත් බිත්තරයක් වගේ. රසත් ඒ වගේ.
              එය පිසීමට පෙර උකු දියරමය ගතියකුත්, පිසීමෙන් පසු දැඩි ගතියකුත් ගන්නව " කියල.

ටිකක් වෙලා කල්පනා කරපු නසරුඩීන් කිව්වලු.

"ආහා.. මම දන්නව. ඒක කේක් කෑල්ලක් " කියල.


විශේෂඤයින් ඉතා පැහැදිලි දේ දකින්න අපොහොසත් වෙයි. 

නායක පූජකයින් පවා ගැලවුම්කරුවානන් හඳුනාගැනීමට අපොහොසත් විය.

2 comments:

  1. ගැලවුම් කාරයා කව්ද .උට නමක් නැත්ද.

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට වෙන්නෙත් ඕකමයි. ගැලවුම් කාරයාව අදුනගන්නේ නෑ..

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..