යක් දූතයා




දිනක් යක්ශයෙකු දේවදූතයෙකුගේ ස්වරූපයක් මවාගෙන පූජකයෙකු ඉදිරියේ පෙනී සිටියාලු. 

ඔහු පූජකයාට පැවසුවාලු "මම ගාබ්‍රියෙල් නම් දේවදූතයා වෙමි. සර්වබලදාරී දෙවියන් වහන්සේ මාව ඔබ වෙත එවන ලදී" කියල.

එවිට මඳ කල්පනාවකට වැටුනු පූජකය කිව්වලු " හොඳට සිතා බලන්න, ඔබව දෙවියන් වහන්සේ එව්වා විය නොහැකියි, මන්ද එතුමන්ගේ දූතයෙකු මාවෙතට එවීමට තරම් උතුම් දෙයක් මම විසින් සිදු කර නොමැත" කියල.

මෙම ප්‍රකාශයෙන් වික්ශිප්ත වුන යක්ශයා අතුරුදහන් ව ගියාලු. එයින් පසු නැවත කවදාවත් එම පූජකයා පරීක්ශාවට පැමිනියේ නැතිලු.




පරිවර්තනයට උපුටාගැනීම : THE PRAYER OF THE FROG - Rev.Fr Anthony de Mello

2 comments:

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..