සොක්‍රටීස්ට කේලම් කීම

දිනක් සොක්‍රටීස් ට මුන ගැසුනු අසල්වැසියෙක් ඔහුට කිව්වලු " ඔබ දන්නවද මට ඔබගේ හොඳම මිතුරා ගැන දැනගත් දේ .. " , මෙහෙම කියල ඔහු ලොකු කතාවක් ආරම්භ කරන්න සැරවුනාලු.

" හෝව් හෝව්, ඔබගේ කතාව පෙරනයන් තුනකින් පෙරා මම අසන්නම් " සොක්‍රටීස් ඉක්මනින් කිව්ව ලු.

"පෙරනයන් තුනක් .. " අසල්වැසියා ටිකක් අප්‍රසන්නව පැවසුවාලු.

සොක්‍රටීස් " ඔව්. පළමු පෙරනය, සත්‍යක් ද ? , ඔබ මගේ මිතුරා ගැන ඔය පැවසීමට සූදානම් වන දෙය සත්‍යක් ම බව ඔබ හොඳින්ම දන්නවාද ? "

"ම්.. ම්.., නෑ, එය මා හට යමෙකු කී දෙයක් පමනයි." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

" හොඳයි , දෙවන පෙරනය, ඔබ ඔය මගේ මිතුරා ගැන කියන්න හදන දෙය යහපත් දෙයක් ද ? " හොක්‍රටීස් ඇසුවාලු.

"ම්.. ම්.., නෑ, එය නම් ඔහු ගැන යහපත් පුවතක් නෙමෙයි.." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් පැවසුවාලු " හ්ම්ම්.. ඔබට තවත් එක අවස්තාවක් තිබෙනව. අවසාන පෙරනය, ඔබ මාගේ මිතුරා ගැන පවසන දෙයින් මා හට යම් ප්‍රයෝජනයක් සිද්ද වේද ? "

"ම්.. ම්.., නෑ, එය නිකම්ම ඔබගේ මිතුරා ගැන ආරංචියක් පමනයි..." අසල්වැසියා පිළිතුරු දුන්නලු.

සොක්‍රටීස් කිව්වලු. "හොඳයි, ඔබ ඔය පවසන්නට යන දෙය සත්‍යක් ද නොවේ, යහපත් දෙයක් ද නොවේ, මා හට ද කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. ඉතින් මම ඔබේ කතාව අසන්නේ ඇයි. ?? "

10 comments:

  1. හැම කේලමක්ම ඔහොම පෙරනවා නම් කොච්චර ශෝක් ද

    ReplyDelete
  2. දෙයක් අහද්දි , මේ දේවල් ගැනත් හිතන්න ඕනෙ. තෑන්ක්ස් ෆොර් ද කමෙන්ට් මධුරංග

    ReplyDelete
  3. හොඳ කතාවක් බුකියෙත් බෙදන්නම්

    ReplyDelete
  4. ඔය පෙරන පාවිච්චි කලා නං හුඟක් දේවල් අත්හැරල දාන්න පුළුවන්.

    ReplyDelete
  5. හොඳ ආදර්ශමත් කතාවක්, හරී ගේ සබැඳිය හරහා තමා ආවේ.

    ReplyDelete
  6. සියලු අදහස් දැක්වීම් වලට ස්තූතියි, හරී කියන්නෙ එල කොල්ලෙක්, හැබැයි දැං ලියනව පොර හරි අඩුයි

    ReplyDelete
  7. හ්ම්ම්,, ඒක ඇත්ත ,

    ReplyDelete
  8. ආදර්ශමත් කතාවක්. මගේ බ්ලොග් එකෙත් මං මේ ලිපිය එල්ලුවා.
    බොහෝම ස්තූතියි..!
    ඉඩ ලද විටෙක ගොඩ වෙන්න... සිත් රූ වෙත ....
    http://rukshila-wettamuni.blogspot.com/2015/06/blog-post.html?showComment=1433916773032#c5877552542412902560

    ReplyDelete
  9. හැමෝටම වැදගත් ....

    ReplyDelete
  10. එ්කනම් නියමයි

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..