සාම නියමය දෙසූ ජේසුනි !


  කිතු සමිඳ ඔබ නො ආවානම්
          පොළෝතලයට මනු වෙසින්
  අනාවරණය නොවේ කිසිදා
          මනුසතට සාමයේ 
මං


  ඇසට ඇසකුත් දතට දතකුත්
          කියූ නීතිය වළලනූ
  වම් කොපුල ලත් අතුල්පහරට
          දකුණු කොපුලද හරවනූ

  

  උතුරු සලුපට අයදිනා හට
          දයාවන්තව සලකනූ
  වරද කරනා සැමට ඔබහට
          යහපතම ඉටු කරලනූ

  

  දොම්නසින් නොසතුටින් වියැකුණු
          සිත් සතන් සුව කලාවූ
  සාම කුමරුනි මෙලෝ සත හට
          සාම නියමය දෙසාලූ

  

  ඔබ දෙසූ දම් නොපිට පෙරලා
          සමාදානෙට මං සෙවූ
  කිසිඳු මිනිසෙකු, කිසිඳු නිරිඳෙකු
          විණිද දියතෙහි ජය ලැබූ


                      ~~ ලූකස් පෙරේරා - මීගමුව ~~


3 comments:

  1. ප්‍රේමයේ දහම ලොව පහල වූ දා..... :)

    ප.ලි. - පෝස්ට් එකේ නම ටැග් එකට දාන්නෙපා.. එතකොට පෝස්ට් ගානටම ටැග් ගොඩක් එකතු වෙයි.. ටැග් දාන්නේ වර්ගීකරණය කරන්න.

    ReplyDelete
  2. කමෙන්ට් එකට ස්තූතියි මධුරංග, ටැග්ස් වැඩෙත් සලකා බලන්න ඕන තමා :)

    ReplyDelete
  3. මොනවා උනත් අපි තාමත් ඇසට ඇස -දතට දත නෙමෙයිද? සැකනම් අද පත්තරේ බලන්න... ජේසු ඉපදුනා..අපි වෙනුවෙන් මියගියා..මරණය පරාජය කළා. නමුත් අපි තාමත් ජෙසුව මරල දාලා. එතුමන්ට උත්ථාන වෙන්න නොදීම. එතුමන් දෙසූ ධර්මය නොව කවුරුන්දෝ උගන්නපු ආගම ඔලුවට අරගෙන..මොනවා කරන්නද?අපේ හිත ඇතුලේ ජේසු තාමත් මැරිලා...

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..