බෝට්ටුව හිල්කිරීම


මගීන් පිරිසක් බෝට්ටුවක ගමන් කරමින් සිටියාලු.

එම පිරිසෙන් එක් අයෙක්, සිදුරු විදින උපකරණයක් ගෙන, බෝට්ටුව පතුලේ සිදුරක් විදීම ආරම්බකලා ලු.

වටේ සිටි පිරිස මඳක් කලබල වුනාලු මොහු කරන කටයුත්ත සම්බන්දව. ඔවුන් ඇසුවාලු " ඇයි ඔබ මෙසේ කරන්නේ ? " කියල.


සිදුර සදමින් උන් තැනැත්තා පිළිතුරු දුන්නලු " ඔබ ඒගැන වද වෙන්නේ ඇයි ? මම සිදුර විදින්නේ මම ඉන්න තැනට යටින්නෙ " කියල.


අප අතරත් මෙවන් අය සිටිය හැක. 

9 comments:

  1. අර පස්න අහපු මනුස්සයා ලයිෆ් ජැකට් එකක් හොයාගන් නැතුව මොකට අනුන්ගේ වැඩ බලාන්ට ගියාද මන්දා.

    ReplyDelete
  2. @ Amila : හික්ස් , ඒකත් හොඳ පිළියමක් තමයි

    ReplyDelete
  3. අපොයි ඔවු... අනන්තවත් ඉන්නවා ඔහොම එවුං !

    ප.ලි. - ඔය ඉතිං කිව්වට අහනවා යෑ. අදත් පෝස්ට් එකේ නම ටැග් එකට ඔබලා... ඕන එකක් කරගන් !
    ඒක නෙමේ බොලා මොන මීසමේ ද ?

    ReplyDelete
  4. අයියෝ සල්ලි .. මම පෝස්ට් නේම් එක ටැග් කරන්නෙ , නැත්තං පරන පෝස්ට් කාළයේ වැලි තලාවෙන් වැහිල යන නිසා. වැඩේ වැරදියි තමා. ලිස්ට් එක අඩි දෙකක් උනාම වැඩේ නවත්තනව. :)

    මම ඉන්නෙ කුරණ මීසමේ සහෝ.

    ReplyDelete
  5. ඒකට බ්ලොග් Blog Archive විජට්ටුව දාන්ඩ.. එතකොට කාලයේ වැලිතලාවට යට වෙන්නේ නෑ... මේ බ්ලොග් එකේ දාලා තියෙනවිජට්ටුව බලන්න..

    http://200small.blogspot.com

    ReplyDelete
    Replies
    1. එල මචෝ , ඒක ආකයිව් එක දැම්ම, ඒක හොඳා තමා

      Delete
    2. ඇති යාන්තං ! ජේසු පිහිටයි !

      Delete
  6. සැම විටම තමා ගැන පමණක් නොව අනුන් ගැනත් සිතන්න.

    ප.ලි.: කමෙන්ට් වලට උත්තර දෙද්දී ඒ කමෙන්ට් එකට යටින් තියන Reply එක ක්ලික් කරලා උත්තර දෙන්න.

    ReplyDelete
    Replies
    1. "සැම විටම තමා ගැන පමණක් නොව අනුන් ගැනත් සිතන්න."

      අමු ඇත්ත, අපිත් මෙහෙම බෝට්ටුව හිල් කරපු අවස්ථා ඇති
      :-|

      Delete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..