දාං ලෑල්ලේ නීති


තරුණයන් දෙදෙනෙක් දාං ක්‍රීඩාවෙ යෙදෙමින් සිටියාලු.ඒ අසලින් ගිය මහලු තැනැත්තෙක් ඇසුවාලු " දාං ක්‍රීඩාවේ නීති ඔබ දන්නවාද ? " කියල.

එකවර ඇසූ ප්‍රශ්නයෙන් අන්දමන්දව බලාසිටි තරුණයන් හට මහල්ලාම පිළිතුරු දුන්නාලු.

" පළමු නීතිය : යා හැක්කේ ඉදිරියට පමනයි

දෙවන නීතිය : ඉදිරියට යා හැක්කේ වරකට එක පියවර බැගින් පමනයි.

තෙවන නීතිය : ඔබ ඉහලටම ගියවිට, ඔබට කැමති තැනකට යා හැකියි. 

ජීවිතයත් මේ වගෙයි ..  "

සිනාසුනු මහල්ලා ඔවුන් පසුකර ගියාලු.

6 comments:

  1. ජීවිතයට රිවස් නෑ... ! ආදරයට බ්‍රේක් නෑ... !

    ReplyDelete
    Replies
    1. ආදරේටත් රිවස් නෑ.. දුරදිග නොබල කර ගත්තොත් විනාසෙ තමයි :)

      Delete
  2. ලොකු අවවාදයක්, ආදර්ශයක් තියෙන සරල කතාවක්

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..