ඇඳෙන් බිමට


තවත් මුල්ලා නසරුඩීන් කතාවක්.

මුල්ලා කසද බැන්ද ලු. ඇය කලින් සැමියා මියගිය කාන්තාවක් හෙවත් වැන්දඹුවක්.

යහපත් බිරිඳක් වුනත් ඇය නිතරම තමන්ගේ මියගිය සැමියා සිහි කරනව ලු. ඔහු කල දේ කියනව ලු. ඔහු සිටියනම් කල හැකිව තිබූ දේ කියනව ලු.

දිනක් රාත්‍රී යහනේදී ඇය තම මියගිය සැමියා ගැන කතා කරන්න ගත්ත ලු. මුල්ලා එකවරම ඇයව ඇඳෙන් බිමට තල්ලු කලා ලු.

මෙයින් කෝපයටත් කලකිරීමටත් පත් කාන්තාව , සිද්ධිය තම පියාට පැමිණිලි කලා ලු.

බලපුලුවන් කාරයෙකු වූ එම පියා මුල්ලාව උසාවියට කැඳවා කල වරදට නිදහසට කරුනු විමසුවාලු.

එවිට මුල්ල අහිංසක ලෙස පිළිතුරු දුන්නලු " මම තල්ලු කලේ නෑ, ඇඳ මත තිදෙනෙකු හිටියා.. ඇයට ඉඩ මදි නිසා බිමට වැටෙන්න ඇති .. "

8 comments:

  1. ඒකනේ.. තුන් දෙනෙක්ට ඉඩ කොහෙන්ද නෙහ්... බැන්දා නම් දෙන්නයි නෙහ් :)

    ReplyDelete
    Replies
    1. අපේ ඇඳේ නං දෙන්න ඉන්නෙත් බොහොම අමාරුවෙන්. ඉඩ මදි :-D

      Delete
    2. බැන්ද අළුත ඔය ඉඩ ඇති උනා නේ...??? හක හක හක :)

      Delete
    3. අයියෝ ,.. මට ලැජ්ජයි..

      Delete
  2. මම මේක උස්සලා බුකියේ දානවා ඇ ....

    ReplyDelete
  3. කතාව ඇත්ත

    බැන්දම පස්සෙ වෙන අයට ඉඩ කොයින්ද?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩෙකුට ඉඩ තිබේ

      Delete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..