මෝඩ මාලුවා

එක විලක සිටියලු මාලු තුන්දෙනෙක්. එකෙක් ඉතා බුද්ධිමත් ලු, අනෙකා අඩක් බුද්ධිමත් ලු, අවසානයා මෝඩයෙක් ලු.

දිනක් මේම වැව අසලට මාලු අල්ලන පිරිසක් ආවලු. මාලු දැලුත් අරගෙන.

මේක දැකපු බුද්ධිමත් මාලුව සිතුවලු " දැන් මෙහි ජීවත්වීම අනතුරුදායකයි. මම කෙසේ හෝ මුහුදට පිහිනා යා යුතුයි. " මෙසේ සිතා මුහුද කරා පිහිනා ගියාලු.

මිනිසුන් දැල් එලා අනෙක් මාලු දෙදෙනා දැලට කොටුවුනාලු.

අඩක් බුද්ධිමත් මාලුව සිතුවලු " අපරාදෙ, මටත් කලින්ම මුහුදට පිහිනා යන්නයි තිබුනෙ.. මම මැරුන මාලුවෙක් ලෙස හැසිරෙනව. එවිට යම් ගැලවීමක් ලැබේවි." මෙසේ සිතා ඌ උඩබෙලි අතට දියේ පාවෙන්නට ගත්තාලු.

මෙම මාලුවා දුටු මිනිසෙක් ඌ මළ එකෙකු බව සිතා වලිගයෙන් ඔසවා ඈතට විසි කලා ලු. මාලුවා මුහුද ට පිහිනා ගියාලු.

දැලට කොටුවූ මෝඩ මාලුවාව රත් වූ තැටිය කරා රැගෙන ගියාලු, රත්වූ තැටිය මතදී ඌ සිතුවාලු " මම මෙයින් මිදුනහොත් නැවත ජීවත් වීමට කිසිදා මෙම විල තෝරා නොගනිමි. මම නැවත ජීවත් වන්වා නම් මුහුද මාගේ නිවහන කොට ගනිමි.. "

24 comments:

  1. අන්න බුද්ධිමත් ම මාළුවා...

    ReplyDelete
    Replies
    1. තැංකූ 4 ද කොමෙන්ට්

      Delete
  2. බුද්ධියෙන් හොඳම මාළුවත් මුහුද ගැන හිතා ඉන්නේ එහේ දඩයක්කරුවන් නෑ කියල වගේ !

    ReplyDelete
  3. මෙන්න නියම කතා.. ස්තුතියි..

    ReplyDelete
  4. මේක හරි පුදුම කතාවක්නේ.
    විලක් කියන්නේ මිරිදිය.මිරිදියේ ජීවත් වෙන මාළුවා කිසිම ප්‍රශ්නයක් නොවී කරදියට ගියේ කොහොමද?
    දෙවන මාළුවා මැරිච්ච විදිහට හිටියා නම් ඌව විසී කරේ ඇයි?මොකද කොහොමත් ආවේ මාලු අල්ලන අයනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. දවසේ කමෙන්ටුව !

      Delete
    2. කරදිය විල් තියෙනව යාලු, කාලෙකට විතරක් මුහුදට සම්භන්ද වෙන. :) උඹ දැං අහන්න එප මාලුව හිතපු එක මම දැනගත්තෙ කොහොමද කියල O.o

      වැඩි විස්තර පහල ලිංක් එකෙන්
      http://alldownstream.wordpress.com/2011/01/22/top-ten-largest-endorheic-lakes-of-the-world-by-area/

      Delete
    3. ///විලක් කියන්නේ මිරිදිය /// කරදිය විල් ගැන දන්නේ නැද්ද ?

      //මිරිදියේ ජීවත් වෙන මාළුවා කිසිම ප්‍රශ්නයක් නොවී කරදියට ගියේ කොහොමද?/// හි හි අනිත් විහිලුව

      Delete
  5. නියම කතාවක්... තුන්වෙනි මාළුවා තමා බුද්ධිමත්ම මාළුවා

    ReplyDelete
    Replies
    1. නොදකිං, උඹලට කතා ලියනවට වඩා හොඳයි....@#$$@#

      Delete
  6. මේ සිද්ධියට සම්බන්ධ හොඳම උපහැරනය ‍තෝරන්න.
    1) අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නෑ.
    2) පනින්න පෙර සිතාබලනු.
    3) අපායට ගියත් ඉස්සෙල්ල යන්න ඕනෙ.
    4) කකුලුව නටයි රත්වන තුරැ දිය සැලියේ.

    ReplyDelete
    Replies
    1. 5 වෙනි උත්තරේ..

      5) ඉහත කිසිවක් නොවේ...

      Delete
  7. තැටියට ගිය මාළුවා අපේ මහින්ද මාමා වගේ හිතන එකෙක්

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකක යන්න ආසද ?

      Delete
  8. MEWWAGE GON KATHA LIYANNA EPA

    ReplyDelete
  9. මෝඩ මාළුවා හිතපු දේ ඒ විදියටම උනා කියල උපකල්පනය කරලා ඌ බුද්ධිමත් කියන හරි ද? ඊට පස්සේ ඒ මාළුවා මැරිලා ගිහින් මුහුදේ ඉපදුනා කියල කතාවේ අවසානයේ තිබ්බ නම් අන්න හරි.. හෙහ් හෙහ්

    ReplyDelete
  10. ආණ්ඩුවේ චන්දදායකයොත් මේ තුන්වෙනි මාළුවා වගේමනේ ????

    ReplyDelete
    Replies
    1. කට කට , රටේ බහුතරය කුපිත වෙයි

      Delete
  11. 1.) අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා පලක් නෑ.

    ReplyDelete
  12. නියම කතාවක්නෙ.. :)

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..