වාස්තු දෝශ සහ ප්‍රාථමික අධ්‍යාපනය

සිරිපාල සිත්තැවුලකින් පෙලෙනාබව ඔහුගේ මුහුන බලනා ඕනෑම අයෙකුට පැහැදිලිව දැකිය හැක. දුක විමසීමට ඉදිරිපත් වූයේ ජානක ය.

ජානක : මොකෝ බං අප්සට් එකෙන්.
සිරිපාල : කරන කිසි වැඩක් හරි යන්නෙ නෑ බං. ජීවිතේ කිසි දියුනුවක් නෑ. අපේ ගෙදර ලු ප්‍රශ්නෙ තියෙන්නෙ.

ජානක : මොකක් ද බං ඒ හරුපෙ.
සිරිපාල : ගෙදර වාස්තු ප්‍රශ්නයක් බං.

ජානක : කව්ද බං කිව්වෙ.
සිරිපාල : කොච්චර හම්බ කලත් ගෙදර සල්ලි රඳන්නෙ නෑ බං. ඒක නිසා වාස්තු බලන ඩයක් එකක් ගෙනල්ල පෙන්නුව. මිනිහ හරියටම කිව්ව නෙ තියෙන සල්ලි ප්‍රශ්න. ඒක හරිගස්සන්න නං සාලෙ මැද තියෙන කනුව අයින් කරන්න ඕන ලු. කනුව තමයි ලු අව්ල.
මිනිහ හරි හොඳයි. සල්ලි ගත්තෙවත් නෑ.

ජානක : ම්ම්.. දැන් මොකද කරන්න හිතං ඉන්නෙ.
සිරිපාල : ඒක තමා බං. හිතා ගන්න බෑ. ඒ කනුව අයින් කලොත් ගෙයි ශක්තියට කොහොම බලපායිද දන්නෙ නෑ. බැරිම උනොත් වෙන ගෙයක් කුලියට හරි අරගෙන යනව.

ජානක : ම්ම්.. කලබල වෙන්න ඕන නෑ. මම දන්න පොඩි පරීක්ශනයක් තියෙනව. ඉස්සෙල්ල ඒක කරල බලමු.
සිරිපාල : ඒ මොකක් ද ?

ජානක : මෙහෙමයි. මුලින්ම කොලයක් අරන් උඹේ සියලුම ආදායම් ලියපන්.
මාසෙ පඩිය , කඩ කුලියෙන් ලැබෙන සල්ලි , වත්තෙ පොල් කඩල එන සල්ලි , වයිෆ් ගෙ පඩිය වගේ.

ඊට පස්සෙ තව කොලේක සියලුම ප්‍රධාන වියදම් ටික ලියපන්.
කාර් එකෙ ලීස් එක, ණය වාරිකය , බිල් ගෙවන ඒව. ඊට පස්සෙ මාසයක් පුරාවට කරන සියලුම රුපියල් දාහට වැඩි වියදම් ටිකත් ලියපන් ඒ කොලේම.

දැන් ඔය කොල දෙකම ලඟට අරන් හොඳට බලපන් අර කිව්ව කනුව කැඩුවම ඔතනින් මොන ආදායම ද වැඩි වෙන්න්නෙ කියල. නැත්තං කනුව කැඩුවම මොකක් හරි අලුත් ආදායමක් මාසෙට එකතු වෙන්න පුලුවන් ද කියල හොයල බලපං.
ඒ විතරක් නෙමේ. කනුව කඩල අයින් කලාම මොකක් හරි වියදමක් අඩු වෙන්න පුලුවන්ද කියලත් හොඳට හොයල බලපං.
ඔය දෙකෙන් එකක් වෙනවනං මචන් කනුව කැඩුවම ඔය උඹ කියන " සල්ලි ගෙදර රඳන්නෙ නැති " ප්‍රශ්නෙ ඕකෙන් විසඳෙයි.
නැත්තං ඉතිං ඕකට විසඳුම ඔය උඹේ ආදායම වැඩි කර ගැනීම හරි වියදම අඩුකර ගැනීම හරි තමයි මට හිතෙන විදිහට.

සිරිපාල : හ්ම්ම්.. ඒ උනාට බං ඒ මනුස්සය කියන එකෙත් මොකක් හරි ඇත්තක් ඇති නෙ.... ?

2 comments:

  1. ඕකනේ බැරි... මිනිස්සු කෙනෙක් කියන දෙයක් ඉස් මුදුනින්ම පිලිගන්නවා. සල්ලි රඳන්නේ නැත්තේ මොකක් හරි වියදමක් දරන නිසා වෙන්ඩැති.

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..