තාමත් අඬනවද ?


ඕං දවසක් එක රැස්වීමකදි දේශනයක් කරාලු වයසක මනුස්සයෙක්.. මේ මිනිහ පට්ටම විහිලු කතාවක් කිව්වලු.

මුලු සභාවම හූ තිය තිය හිනාවුනාලු....

ටික වෙලාවකින් මේ මිනිහ ආයෙත් අර කලින් කියපු  විහිලු කතාවම කිව්වලු.

ඒ පාර හිනාවුනේ බොහොම ටික දෙනයි ලු.

ආයෙ තව ටිකකින් මේ මනුස්සය කලින් කියපු විහිලු කතාවම ආයෙමත් කිව්වලු..

ඒපාරනන් කව්රුත් ම හිනාවුනේ නැහැලු

එතකොට මේ මනුස්සය හිනාවෙලා ඇහුවලු .. " ඔබලාට එකම විහිලුවට නැවත නැවත හිනාවෙන්න බැරිනන්.. ඇයි ඔබ එකම කාරනය ගැන නැවත නැවත දුක්වෙන්නෙ ? " කියල


අතීතයේ සිදුවූ වැරදි, අතපසුවීම්, බලාපොරොත්තු සුන්වීම් අමතක කර හෙට දවසට මුහුන දෙන්න..

ඕං මේකත් මට ලැබුනු ඊමේල් එකක තිබ්බ හොඳ කතන්දරයක්...

3 comments:

  1. හොඳ කතාවක්.. ස්තූතියි

    ReplyDelete
  2. ඇත්තටම මේ බ්ලෝග් එක මන් ගොඩක් ආසාවෙන් කියෙව්වා..ගොඩාක් ලස්සනයි!! ජිවිතේට ගන්න පුලුවන් ආදර්ශ එමටයි.. ඒකට ආගම් භේදයක් අදාල නෑ.(මන් බෟද්ධ නිසා කීවේ) දිගටම මේක ලියන්න. ස්තුති !!!

    ...ඔබට ජය..

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..