ජේසුට ලියුමක්

(ඕං කිව්ව.. මේක මම ලියපු කතාවක්නන් නෙමෙයි.ඊමේල් එකක ආපු කතාවක්. කැත වැඩක් තමයි. හොඳ හින්ද දැම්ම.. ලියපු එක්කෙනාට සම්පූර්න ගෞරවය.)

මාෆියා නායකයෙකුගේ කුඩා පුතා නත්තල් දිනයට පෙර දින
යේසුස්තුමා හට ලිපියක් ලියමින් සිටියේය.

" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා .
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවනවද ? " කුඩා
දරුවාට තම ලියුම පිලිබද හීනමානයක් ඇති වුණි.
ඔහු එය ඉරා දමා නැවත අලුතෙන් ලියුමක් ලිවීමට පටන් ගත්තේය.
" යේසු බබා , මම මේ අවුරුද්දේ හොදට හිටියා.
මට අර සුදු රැවුලක් තියෙන මාමා අතේ බයිසිකලයක් එවන්න. තේරුනාද ? " කුඩා දරුවාට තවමත් තම ලියුම ගැන හිතට හරි නැත.ඔහු සාලයට ගොස් එහි තිබූ මරියතුමියගේ පිළිරුව රැගෙන ආවේය.

ඉන් පසු නැවත ලියුම ලියන්නට පටන් ගත්තේය. මෙවරනම් ඔහුට හිතට සතුටක් දැනෙන ආකාරයට ඔහුට ලියුම ලියැවිණි.
" යේසු බබා , මම ඔයාගේ අම්මව පැහැරගෙන ආවා.අම්මව ආයේ ඕනෙනම් අර කැත සුදු රැවුලක් තියෙන මහත වයසක බඩා ලව්වා මට බයිසිකලයක් එවන්න. "

5 comments:

  1. එල කිරි කතාව ආ....

    ReplyDelete
  2. එ කිව්වේ අම්මාව පැහැර ගත්තා කිවේ...

    ReplyDelete
  3. @නිම්ශා : මරියතුමිය කියන්නෙ ජේසුගෙ අම්මනෙ.

    ReplyDelete
  4. me wage dewal leyanna epa pls

    ReplyDelete
  5. තාත්තගේ විදියටම හැදිලා .......

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..