අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

5 comments:

  1. අඬාගෙන ආපු මිනිහා අඬාගෙන යනවා ඇරෙන්න වෙන මොනවා ගෙනියන්නද ? හැබැයි එක දෙයක් තියෙනවා තමන් කරපු හොඳ නරක දෙක අරගෙන යනවා. ඒත් ඒවා කාටවත් අල්ලන්න බැරි පේන දෙයක් නම් නෙමේ

    ReplyDelete
  2. මැාරන මොහොතෙ වැඩිම උනොත් වතුර පොදක් ඉල්ලයි!!

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..