හෝදපු රෙදි


තරුණ ජෝඩුවක් අලුත් ගෙදරකට පදිංචියට ගියාලු. මේ අය උදේ කෑම කද්දි අල්ලපු ගෙදර ගෑණුකෙනා හෝදපු රෙදි වැලට වනනවලු.
බිරිඳ කිව්වලු "අර ගෑනුකෙනාට රෙදි හෝදන්නවත් දන්නෙ නෑ.. බලන්න ඇඳුන් වල පරණ පාට." කියල

අනික් දවසෙත් උදේ ඒ සිද්ධියම උනාලු..බිරිඳ කිව්වලු "සමහරවිට එයා පාවිච්චිකරන්නෙ බාල සබන් ජාතියක් වෙන්න ඇති " කියල.

මේ අදහස් දැක්වීම එක දිගටම මාසයක් විතර සිද්දවුනාලු.

දවසක් බිරිඳ කියනවලු "ශා.. අදනන් අර ගෑණුකෙනා හොඳට රෙදි හෝදල තියෙනව, ඇඳුන් හොඳ පිරිසිඳුවට තියෙනව " කියල.
එතකොට සැමිය කිව්වලු "මම අද උදේම නැගිටල අපේ ජනෙල් වල වීදුරු ටික පිහදැම්ම." කියල.


" How can you say to your brother, 'Brother, let me take the speck out of your eye,' when you yourself fail to see the plank in your own eye? You hypocrite, first take the plank out of your eye, and then you will see clearly to remove the speck from your brother's eye." - jesus ( Luke 6:42 )


4 comments:

  1. ඒක හරි ජනේලෙ හදාගන්නෙ නැතුව මක්කට බැලුවද මන්ද??

    ReplyDelete
  2. තමන්ගේ ඇහේනෙ බන් රොඩු තිබිල තියෙන්නෙ?

    ReplyDelete
  3. අනුන්ගේ කුණු ගැන හොයන්න කලින් තමන්ගේ කුණු සුද්ද කරගත්තා නම් හොඳයි නොවැ!
    විවේචනය කිරීමත් හොඳයි හැබැයි සීමාවක් ඇතුව..

    ReplyDelete
  4. මොන මඟුලකටද අනුන්ගෙ කුණු හොයන්නෙ .......

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..