ඔලුවට වැටුන පොල්


එක මිනිහෙක් පොල් ගහක් යටින් යමින් ඉද්දි , පොල්ගහේ හිටපු වඳුරෙක් කුරුම්බ ගෙඩියක් කඩල මිනිහගෙ ඔලුවට දැම්මලු.

මිනිහ ඒක අහුලගෙන ,
     ඒකෙන් කුරුම්බ වතුර බීල,
          කුරුම්බ ලොඳේ හාරගෙන කාල,
               පොල් කටුවෙන් ලස්සන
                    කෝප්පයක් හදා ගත්තලු.




එදිනෙදා ජීවිතයේදී අපේ ඔලු වලටත් එක එක විදිහෙ පොල් වැටෙනව නෙ. පොල් ගෙඩිය වැටිල මැරිල ගියොත් ඉතිං කරන්න දෙයක් නෑ, නමුත් ඔබ තවමත් ජීවත් වෙනවනම්, වඳුරාට සාප කරනවට වඩා, හොඳ හෝදිසියෙන් බලන්න, එම සිදුවීම තුල ඔබේ ජීවිතයට ගත හැකි දේ.




1 comment:

  1. ගොඩක් වෙලාවට කරන්නේ වඳුරට සාප කර කර ඉන්න එක විතරයි යාලුවා.

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..