දොර ඇරීම


එක පෙම්වතෙක් තමුන්ගෙ පෙම්වතියගෙ ගෙදරට ගියාලු, ගිහිල්ල ගෙදර දොරට තට්ටු කරාලු.එතකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.

එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ මම.." කියල.

එතකොට නිවස තුලින් පිලිතුරු ලැබුනලු, "කරුනාකරල යන්න, මේ නිවසේ අප දෙදෙනෙකුට ජීවත් වීමට ඉඩ මදි.. " කියල.

මෙම සිද්දියෙන් කැලඹුන පෙම්වතා බොහොම දුකෙන් ආයෙ හැරිල ගියාලු, ශෝකයෙන් කාලයක් ගතකරපු ඔහු දවසක් ආයෙ පෙම්වතියගේ නිවසට ආවලු,

නැවතත් දොරට තට්ටු කලාලු. එටකොට නිවස තුල සිටි පෙම්වතිය ඇහුවලු "කව්ද මේ ? " කියල.

එතකොට පෙම්වතා පිලිතුරු දුන්නලු "මේ ඔබ.." කියල.

එවිට දොර එකවරම විවෘත වුනාලු.

5 comments:

  1. ඔබම මා ද විය
    මා ද ඔබම විය..

    හඳුනාගත්තොත්...

    කෙටියෙන් වූණත් අපූරු අදහස..

    ReplyDelete
  2. me katawe haraya tawa tikak phdili caranna.

    ReplyDelete
  3. දෙදෙනා එක් අයෙකු විය...

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..