දවසක් මිනිහෙක් කැලයක් මැදින් යද්දි දැක්කලු , කකුලක් නැති තුවාල වලින් පිරුන නරියෙක් ගල්තලාවක වැටිල ඉන්නව. මේ නරිය කොහොමද මෙහෙම ජීවත් වෙන්නෙ කියල බලාගන්න මිනිහට ලොකු කුතුහලයක් ආවලු.
ම්නිහ මේ ගැන විපරමින් ඉද්දි දැක්කලු , මස් කෑල්ලක් කටින් ගත්තු කොටියෙ ඇවිල්ල , මස් කෑල්ලෙන්
කොටසක් කාල ඉතුරු ටික නරියට දීල යනව, මේක දිනපතාම වුනාලු.
මිනිහ හිතුවලු, "දෙවියන් කොච්චර කාරුනිකද, මමත් අර නරිය වගේ වැටිල අසරනව උන්නොත් මටත් දෙවියන් වහන්සේ උදව් කරාවි " කියල. මෙහෙම හිතල මිනිහත් දැං ගල්තලාවක් උඩ වැටිල ඉන්නවලු, කන්නෙ බොන්නෙ නැතුව. කාලයක් ගතවුනාලු. මිනිහට කිසිම සහනයක් ලැබුනෙ නෑලු.
හාමතේ මරණාසන්නව හිටපු මිනිහට දවසක් දෙවියන්වහසේ කතා කරාලු. තතාකරල " ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි චරිතයයි, නරියාව නොව කොටියාව අනුකරනය කරන " කිව්වලු.
අපිත් මගතොටේ දකින දුක්විඳින මිනිස්සු දැක්කම හිතනව නේ "ඇයි දෙවියනි ඔබ ඔවුන් වෙනුවෙන් යමක් කරන්නෙ නැත්තෙ " කියල.
එවිට දෙවියන් වහන්සේ පිලිතුරුදේවි " මම යමක් කලා, මම ඔබව මැව්වා .. "
හ්ම්ම්...
ReplyDeleteහිතන්න දෙයක් ඉතුරු කරපු කතාවක් !