අපේ ආච්චී හෙවත් මම්මා


අපේ අම්මාගේ අම්මාට ඇයගේ දරුවන් හැර අන් සියල්ලන් අමතන්නේ " මම්මා " කියාය. හේතුව මම නොදනිමි. වයස 16 දී පමන විවාහ වුනු ඇය තරුණ වියේදීම වැන්ඳඹුවක් වනව්ට, තිදරු මවක් වූවාය.

එතැන් පටන් දරුවන් හදාවඩා ගැනීම, ඔවුන් විවාහ කරදීම වගකීමෙන් යුතුව ඉටුකල ඈ, අද රටේ බඩපිනුම් ගසනා ගොංපාට් දේසපාලුවන්ට වඩා , සැබෑ වීර චරිතයකි.

ඇය 8 වසර අසමත් ය. නමුත් ජීවන දැක්ම ඉතා පුලුල් ය.

දැඩිව ආගමට ලැදි චරිතයක් වුවද විවෘත චින්තනයක් ඈ සතුය, ගියවර වෙසක් වෙනුවෙන් අප අසල්වාසීන් ලබාදුන් දන්සැලට පූජාවේ දේශනාවේදී පල්ලියේ ෆාදර් පොඩි කින්ඩියක් දමා තිබුනේ , එය කතෝළිකයන්ට අකැප බව පවසමිනි. එයට ඇයගේ ප්‍රතිචාරය වූයේ " ෆාදත් ඕන එකටයි එපා එකටයි , හැම එකටම හොටදානව " කියාය.

මා මෙය ලියන්නෙ ගිය මාසයේ ඇයගේ 90 වන උපන්දිනය උත්සවාකාරයෙන් අප සැමරීම මුල්කරගෙනය. පහතින් ඇත්තේ ඡායාරූප කීපයකි.


මෙහිදී ඇය කතාවක් පැවැත්වීය. එය උපදේශකයෙකු ලියාදුන් එකක් නොව, හිතේ තිබූ අවංක අදහස් ය.

ඈ කීවේ " මට මේ මොකුත් ඕන නෑ. උඹල හැමෝම මේ ඉන්නව වගේ හැමදාම සමගියෙන් ඉඳපල්ලා.."
කී ඇය, අර ලී කෝටුවක් කැඩීමට සහෝදරයන්ට ලබාදී, පසුව කෝටු මිටියක් කැඩීමට ලබාදුන් කතාන්දරය කීවාය.






ඉතිං මම්මාට දීර්ගායූ වේවා.. !!!



2 comments:

  1. Really nice..(y) May god bless her..:)

    ReplyDelete
  2. මම්මට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි !

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..