තම්බපු කඩල


උපහාසය , මෝඩකම එක්ක හිතන්න යමක් ඇති තවත් මුල්ල නසරුදීන් ගෙ  කතාවක්.

මුල්ලා වැඩ ඉවර වෙලා රෑ කෑමට ගෙදර ආවලු. කෑම මේසෙ වාඩිවුනාම මුල්ලගේ බිරිඳ තම්බපු කඩල දීසියක් ගෙනල්ල මුල්ලගෙ ඉස්සරහින් තිබ්බලු.

මුල්ලා දැඩිව කෝපයට පත් මුල්ලා කඩල දීසිය අරගෙන වීසිකරල දැම්ම ලු. වියරුවෙන් කෑගැසුවලු.

විශ්මයටත් තැතිගැන්මටත් පත් මුල්ලාගේ බිරිඳ ඇහුවලු ..

                       " මුල්ලා.. ඔබ සඳුදා ඉතා ආසාවෙන් කඩල කෑවා, ඔබ අඟහරුවාදාත් කැමැත්තෙන් කඩල කෑවා , ඔබ බදාදාත් කැමැත්තෙන් කඩල කෑවා , බ්‍රහස්පතින්දාත් එසේඅමයි. ඉතින් ඇයි ඔබ අද සිකුරාදා පමනක් කඩල වලට මෙතරම් අකමැති ??  "


2 comments:

  1. ඒකනේ...අච්චර ආසාවෙන් සිකුරාදටත් කන්න තිබ්බා නේ :)

    ReplyDelete
  2. මිනිස්සුන්ට එපා වෙනව නෙ

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..