ගල් ගෝනිය


කඳු මුදුනක තිබූ ගමක ජීවත් වුන ළමයෙකු තම පියා සමග කන්දෙන් බැස පහලට එමින් සිටියාලු. ඔවුන් දෙදෙනා ඉදිරියට හමුවුනාලු බෑවුම දිගේ ඉහලට ගමන් කරන මහල්ලෙක්.

ඔහුගේ කරේ තිබ්බලු තරමක් ලොකු ගෝනියක්.
ඉතා විඩාපත්ව සිටි ඔහු ගමන් කලේ ඉතා අපහසුවෙන් ලු.
ළමයා ඇසුවලු " මොනවද මාමෙ ගෝනියෙ තියෙන්නෙ ? " කියල. මහල්ල පිළිතුරු දුන්න ලු " ගල්.. මගෙ ගෙදර චිමිනිය කැඩිල, ඒක හදන්න පහලින් ගල් අරන් යනව "

ළමය පැවසුවලු " ටිකක් වැඩිපුර ගල් අරන් ගිහිල්ල කලින් තිබ්බට වඩා ලොකු චිමිනියක් හදා ගන්න, එය ඔබව වඩාත් උනුසුම් කරාවි"

" පිස්සුද ළමයො, මේ ගල් ගෙනියන එක ඉතා අපහසු වැඩක් " කේන්තියෙන් පැවසූ මහල්ලා අමාරුවෙන් තම ගමන ඇරඹුවා ලු.

ළමය තව ටිකක් පහලට පැමිනෙන විට, බෑවුම දිගේ ඉහලට එනවලු තවත් මහලු මිනිසෙක්.
වයස , ශරීර ප්‍රමාණය කලින් මහල්ලා වගේමයි ලු. කරේ තියෙනව ලු කලින් මහල්ලා සතුව තිබ්බ තරමේම ගෝනියක්.

නමුත් මෙම මහල්ලාගේ ගමන ඉතා උද්යෝගකරයි ලු. කඩිසරයි ලු. ඔහු ඉතා ප්‍රබෝදමත් ලු.

ළමයා ඔහුගෙනුත් ඇසුවාලු " මොනවද ගෝනියෙ "

මහල්ල සිනා සී පිළිතුරු දුන්න ලු, " දියමන්ති,.. මට දියමන්ති නිධියක් හමුවුනා.. මම මේ ඒ සියල්ල එකතු කරන් ගෙදර යන ගමන්.. "


මේ කතාව මගේ ජීවිතයට ගලපාගත් ආකාරය : අපි කරන පෙලක් ආගමික වතාවත් වුනත් වෙලාවකට මහා වදයක් වගේ හිතිල තියෙනව මට, ඒ සමහර අවස්ථා වල අපි ඒ දේවල් වල නියම වටිනාකම නොදන්නා නිසා වෙන්න පුලුවන්.



8 comments:

  1. මෝඩ මනුස්සයෙක් නේ.. දියමන්ති ටිකක් විකුණලා හොඳ ගෙයක් දොරක්, යාන වාහනයක්, අතට පයට වැඩකාරඕ ගන්න පුලුවන් නෙ.

    ReplyDelete
    Replies
    1. කතාව තේරිලා නැද්ද මංද O.o

      Delete
  2. හ්ම්...සරලව සහ සාරවත්ව ලියා ඇත.

    ReplyDelete
    Replies
    1. සංකීරනව ලියද්දි ගොඩක් ලියන්ට වේ. :)

      Delete
  3. කියෙව්වෙමි.. ජය වේවා

    ReplyDelete
  4. මම හිතුවා පල්ලියේ කතා.. ගල් ගෝනිය කියලා ලිව්වාම පල්ලියේ ගල් කතාවක් ලියලා කියලා...

    ReplyDelete
    Replies
    1. හිතේ පිරිලතියෙන ඒව නෙ නිතරම එලියට එන්නෙ :)

      Delete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..