විත්ති කූඩුවේ සිටි සිරකරුගෙන් ප්‍රධාන විනිසුරු අහනව ලු
" නීතියට පිටින් වැඩකිරීමට මිනිසුන් පෙලඹවීම, සම්ප්‍රදායන් හා අපගේ ශුද්ධවූ ආගමේ ඉගැන්වීම් කඩකිරීමට මිනිසුන් උසිගැන්වීම, යන චෝදනා වලට ඔබ වැරදි කරුද? නිවැරදිකරු ද ? "
විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "
නැවතත් විනිසුරු අහනව ලු " අප ආගම අනුගමනය නොකරන විජාතිකයන්, ගණිකාවන්, ප්‍රසිද්ධ පව්කාරයන්, පගා කරුවන්, හොරුන් යන සමාජ විරෝදී පුද්ගලයන් ලඟින් ඇසුරු කිරීම සම්භන්දයෙන් ඔබ වැරදි කරුද ? නිවැරදිකරු ද ? "
විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "
"අවසාන වශයෙන්, අපගේ ශුද්දවූ ආගම ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම, අපගේ විශ්වාසයන්ට අභියෝග කිරීම යන ක්‍රියා සම්භන්දයෙන් වැරදි කරුද ? නිවැරදිකරු ද ? " විනිසුරු ඇසුවලු
" වැරදිකරු ස්වාමීනී " විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු
විනිසුරු ඇසුවාලු " ඔබගේ නම කුමක්ද ? "
" මගේ නම ජේසුස් "
පරිවර්තනයට උපුටා ගැනීම : - Fr Anthony de Mello's Prayer of the Frog
කුරුසීය ළග... කුරුසීය ළග ,,
ReplyDeleteමගේ පාප බර වැටුණා....
විශ්වාසයක්..එළියක් ලැබුණා...
ජිවිතයම වාසනාවන්තයි ..
ස්තුතියි..
ReplyDeleteලස්සන කතාවක් !
ReplyDeleteස්තූතියි
Deleteලස්සනයි .. බෙදා ගත්තට ස්තූතී :)
ReplyDeleteස්තූතියි
Deleteනඩුකාරයා අහන්න ඇති උඹටද පිස්සු නැත්නම් මටද පිස්සු!!!!
ReplyDeleteපිස්සු නේන්නං
Delete