වැරදිකරු ස්වාමීනී

විත්ති කූඩුවේ සිටි සිරකරුගෙන් ප්‍රධාන විනිසුරු අහනව ලු

" නීතියට පිටින් වැඩකිරීමට මිනිසුන් පෙලඹවීම, සම්ප්‍රදායන් හා අපගේ ශුද්ධවූ ආගමේ ඉගැන්වීම් කඩකිරීමට මිනිසුන් උසිගැන්වීම, යන චෝදනා වලට ඔබ වැරදි කරුද? නිවැරදිකරු ද ?  "

විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "

නැවතත් විනිසුරු අහනව ලු " අප ආගම අනුගමනය නොකරන විජාතිකයන්, ගණිකාවන්, ප්‍රසිද්ධ පව්කාරයන්, පගා කරුවන්, හොරුන් යන සමාජ විරෝදී පුද්ගලයන් ලඟින් ඇසුරු කිරීම සම්භන්දයෙන් ඔබ වැරදි කරුද ? නිවැරදිකරු ද ? "

විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු " වැරදිකරු ස්වාමීනී "

"අවසාන වශයෙන්, අපගේ ශුද්දවූ ආගම ප්‍රශ්න කිරීම, විවේචනය කිරීම, අපගේ විශ්වාසයන්ට අභියෝග කිරීම යන ක්‍රියා සම්භන්දයෙන් වැරදි කරුද ? නිවැරදිකරු ද ? " විනිසුරු ඇසුවලු


" වැරදිකරු ස්වාමීනී " විත්ති කූඩුවෙන් පිළිතුරු දුන්නලු

විනිසුරු ඇසුවාලු " ඔබගේ නම කුමක්ද ? "

" මගේ නම ජේසුස් "





පරිවර්තනයට උපුටා ගැනීම : - Fr Anthony de Mello's Prayer of the Frog

8 comments:

  1. කුරුසීය ළග... කුරුසීය ළග ,,
    මගේ පාප බර වැටුණා....
    විශ්වාසයක්..එළියක් ලැබුණා...
    ජිවිතයම වාසනාවන්තයි ..

    ReplyDelete
  2. ලස්සනයි .. බෙදා ගත්තට ස්තූතී :)

    ReplyDelete
  3. නඩුකාරයා අහන්න ඇති උඹටද පිස්සු නැත්නම් මටද පිස්සු!!!!

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..