අපේ අන්දරේ සහ රජතුමා වගේ ඉන්දියානු ගැමි කතා සම්ප්රදායේ තියෙනව අක්බාර් රජතුමා සහ බිබල් ( Akbar and Birbal) ගෙ කතා එකතුවක්. මේක ඒවායින් එකක්.
දවසක් රජතුමා ලොකු රාජ භෝජනයක් සූදානම් කරල බිබල් ඇතුලු පිරිසකට ආරාධනා කලා ලු. බිබල් උත්සවයට ආවෙ අන්තිමටම ගොඩක් පරක්කු වෙලා ලු. මේ ගැන රාතුමා බොහොම කෝප වුනාලු.
රජතුමා කෝපයෙන් ඇහුවලු " ඇයි ඔබ පරක්කු වුනේ ? " කියල.
බිබල් පිළිතුරු දුන්න ලු " මගේ පොඩි එකා හරියට අඬනව, ඌව නළවල එන්න උන නිසයි රජතුමනි ප්රමාද වුනේ.. " කියල.
බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනක් ඕනෑ.."
රජතුමා අණකලා ලු එළදෙනක් ගෙනෙන්න.
බිබල් අඬන්න ගත්තලු " ඔහෑ ඔහෑ.. මට එළදෙනගෙන් කිරි ඕනෑ.."
රජතුමා අණකලාලු එළදෙනගෙන් කිරි දොවා බිබල් ට දෙන්න.
රජතුමාට විශ්වාසයි ලු බිබල් ඉල්ලන ඕනෑ දෙයක් තමාට දිය හැකි බව.
බිබල් ට දුන්නු කිරි වීදුරුවෙන් අඩක් බිබල් බිව්ව ලු. ඉන් පස්සෙ බිබල් ආයෙ ඇඬුවලු.
" ඔහෑ ඔහෑ.. මේ ඉතුරු කිරි ටික ආයෙ එලදෙනගෙ අස්සට දාන්න ඕනෑ.."
ලමයි නලවලාම ඉගෙනගන්න ඕනෙ එයාල නලවන එක හිතන තරම් ලේසි කෙලියක් නෙමේ කියල
ReplyDeleteඅනිවා
Deleteලස්සන කතාව
ReplyDeleteතෑන්ක්ස් බ්රෝ
Deleteහික්ස් :)
ReplyDeleteඔබේ සතුට මගේ සතුටයි.
Deleteහැක් හැක්.. එළ. මේ කතා සෙට් එක දිගටම දාන්න.. ටිකක් ප්රිය මනාප විදියට පෝස්ට් එක ෆෝර්මැටින් පාරක් දාන්න..
ReplyDeleteඒ කිව්වෙ මම ලියන බාසාව වෙනස් කරන්න කියල ද ?
Delete