හැප්පෙන්න යන නැව

ලොකු නැවක කපිතාන් ට නැවේ පනිවිඩ හුවමාරුකරු හදිසි පනිවිඩයක් ගෙනත් දුන්නලු.

එහි සඳහන් වුනේ " ගැටීම වැලැක්වීම පිනිස නැව උතුරට අංශක 15 ක් හරවන්න " කියල ලු.

සිනාසුන කපිතාන් පනිවුඩ ක්‍රියාකරුට උපදෙස් දුනලු ප්‍රතිචාර පනිවුඩයක් යවන්න. " මම විශාල නැවේ කපිතාන්, කරුනාකර ඔබේ නැව අංශක 15 ක් දකුනට හරවන්න " කියල.

එයට පිලිතුරු පනිවිඩය ලැබුනලු " අපි මේ ප්‍රදීපාගාරයෙන් "  කියල.


කුමන තරාතිරමක අයෙකුට උවත් ජීවිතයේ  ඇතැම් අවස්ථාවලදී අවශ්‍යය නම්‍යශීලීතාව අවශ්‍යය. 

3 comments:

  1. පුංචි කතාවක් උනාට මේ කතාවෙන් ලොකු පණිවිඩයක් දෙනවා.. :)

    ReplyDelete
  2. හෙන කාලෙකින් කවෘ හරි කොමෙන්ට් එකක් දැම්මෙ. තැන්කූ වේවා

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..