
මේක දැකල අවුල් ගිය කොටිය වඳුරගෙන් ඇහුවලු " මොකක්ද ඔය කරන වැඩේ තේරුම ? " කියල.
එතකොට වඳුර පිලිතුරු දුන්නලු " මම මේ ගිලෙන්න යන මාලුන්ව බේරගන්නව " කියල.
අපි කරන සමහර සුබසාධක වැඩත් මේ වගේ තමයි. ලබන පුද්ගලයට කිසිම ප්රයෝජනයක් නෑ.
එක කැලෑවක හිටියලු පොට්ට මුවෙක්. පොට්ටයි කිව්වට මුගෙ එක ඇහැක් තමාලු පේන්නෙ නැත්තෙ. ඒ කියන්නෙ පේන්නෙ එක පැත්තක් විතරයි. මොකද මුවන්ගෙ ඇස් තියෙන්නෙ මූනෙ දෙපැත්තට වෙන්නනෙ. | |
ඉතින් දඩයක් කාරයොන්ගෙන් බේරෙන එක ලොකු ප්රශ්නයක් වුනාලු මේ මුවාට. මේකෙන් බේරෙන්න මුවා කරන්නෙ, තණකොල කන්න යනවලු මුහුද අයිනෙ තියෙන ප්රපාතයක් අයිනට. තමුන්ගෙ හොඳ ඇහැ තණ පිට්ටනිය පැත්තට හිටින්න හිටගන්නවලු. දිගටම තණකොළ කන්නෙ මේ දිශාවට ඉඳගෙන ලු. මොකද එන දඩයක්කාරයෙක් එන්නෙ තණ පිට්ටනිය පැත්තෙන් නිසා. | |
එන කෙනෙක්ව එද්දි පේනව. පැනගන්න පුලුවන්. | |
කොහොම හරි මුව දඩයමේ එන දඩයක්කාරයෙක් මේ රහස දැනගත්තලු. මිනිහ බෝට්ටුවකින් මුහුද පැත්තෙන් මුවා කිට්ටුවටම ගිහිල්ල ගිහිල්ල, බොහොම ලේසියෙම්ම මුවාව දඩයම් කරගත්තලු. | |
ජීවත් වෙන්න මොන දේ කලත්,මොන සෙල්ලම දැම්මත්, කවද හරි හැම කෙනෙක්ම මැරෙනව... | |
" නියමිත මොහොත කවදාදැයි ඔබ නොදන්නා බැවින්, අවදිව ඉන්න. " (මාක් 13:33) | |
sinhala-catholic.blogspot.com | |
උපුටාගැනීම : 100 Moral Stories by Akramulla Syed |
ගෘහනිර්මාණ ලක්ෂන අනුව 4 වන සියවසට හෝ පෙර කාළයට අයත් යැයි සැක කරන මෙම දේවස්ථානය දැනට හමුව ඇති ලොව පැරණිතම ක්රිස්තියානි දේවස්ථානය යැයි මතයක් පවතී. 1980 ගනන් වලදී අහම්බෙන් සොයාගන්නා ලද්දකි. සෞදිඅරාබියේ ජුබාලි (Jubali) නම් නගරයේ පිහිටා ඇත. | |
සොයාගන්නා අවස්ථාවේ ගල් කුරුස 4 ක් තිබූ බව පැවසුනද, ටික කලකින් ඒවා අතුරුදන්ව ඇත. මෙහි තවමත් නිසි ගවේශනයක් සිදුව නොමැත. ඒ සෞදිඅරාබියේ රජය අනුගමනය කරන දැඩි ආගමික ප්රතිපත්ති හේතුවෙන්, කිසිඳු ගවේශකයෙකුට ඇතුල්විය නොහැකි රක්ශිතයක් බවට මෙම ප්රදේශය පත්කර ඇති නිසාය. හමුවූ මුල්කාලයේදී පිටවූ ඡායාරූප කීපයක් පමනක් අද ලෝකයට ඉතිරිව ඇත. | |
Wikipedia Link මම උස්සපු තැන |
තවත් එක දවසක, රාත්රී ආහාරයයට කට්ටිය සූදානම් වුනාලු. කන්න තියෙන්නෙ පොල් රොටියි ලුණුමිරිසුයි. අම්ම රොටි ටික ගෙනල්ල මේසෙට තිබ්බලු. ම්ම්.. රොටි ටික ටිකක් වැඩිපුර කරවෙලාලු. කනකොට පොඩ්ඩක් තිත්තයිලු. | |
තාත්ත කිසි හැලහොල්මානක් නැතුව රොටිය කෑවලු. තාත්ත මොකුත් නොකිව්ව නිසා ළමයි දෙන්නත් අදහස් දැක්වීමෙන් වැලකී සිටියලු. රෑ පොඩි දුවට ඇහුනලු අම්මයි තාත්තයි කතාකරනව. අම්ම කනගාටුව ප්රකාශකරන ස්වරයෙන් කිව්වලු " අද රොටි ටිකල් වැඩිපුර කරවෙලා තිබ්බ නේ ? " තාත්ත උත්තර දුන්නලු " කමක්නෑ.. කරවෙච්ච රොටි වලට මම කැමතියි. " කියල. පහුවදා උදේ ඉස්කෝලෙට යනගමන් දුව තාත්තගෙන් ඇහුවලු, " තාත්තෙ , ඇත්තටම කරවෙච්ච රොටි කන්න තාත්ත ආසයිද ? " කියල. තාත්ත හිනාවෙලා කිව්වලු " ඔයාලගෙ අම්ම දවසම ගෙදර වැඩ මහන්සිවෙලා කරල තමා රෑ කෑම හදන්නෙ, අනික දවසක් කරවෙච්ච රොටියක් කෑව කියල කාටවත් හානියක් නෑ ..." කියල. | |
ඊ ලිපියක දැක්ක කතාවකි | |
http://sinhala-catholic.blogspot.com |
අද සමාජයේ සුලබ දෙයක් දුරාචාරය. මේක කරන බොහෝ දෙනා ඒගැන කතා කරන්නෙ තමුන් කරන්නේ වීරක්රියාවක් කියන හැඟීමෙන්. ඒ කතා අහන අනික් අය ඒ වගේ වීරක්රියාවකට තමුන්ට අවස්තාවක් නොලැබීම ගැන පසුතැවෙනව. තව කොටසක් අවස්තාවක් හොයනව. පහතින් තියෙන්නෙ මේ විශය ගැන ශු.බයිබලේ හිතෝපදේශ කියන පොතේ සඳහන් කොටසක්. ආරම්භයේ මවාපාන සුන්දර රසයත්,නොදැනීම වරදට අසුවන ආකාරයත්, අවසානයේ අත්වන ඛේදනීය ඉරනමත් අපූරුවට විස්තර කරල තියෙනව. |
දුරාචාර ස්ත්රීයගේ මායම් |
එක දිනක් මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි. එවිට අනුවනයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි. ඔහු අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේදී , මැදියන් රෑ කළුවරෙහිදී ඇගේ ගේ අද්දර පසුකොට, ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කලේය. එවිට ඈ වෙසඟනකගේ වස්ත්ර ඇඳ, රැවටිලිකාර ස්ත්රීයක මෙන් ඔහුට මුණගැසුනාය. ඈ අඟර දඟර කරන චපල ස්ත්රීයකි. ඈ කොයිවෙලාවෙත් ගෙදර නැත. විටෙක ඈ වීදි වලද, විටෙක වෙළඳපොලේද, සෑම මංසංදියකද සෝදිසියෙන් බලා සිටියි. මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විලිලැජ්ජා නැතිව, ඔහුට මෙසේ කීවාය. " මම අද මාගේ පුද පූජා පැවැත්වුවෙමි. බාරහාර ඉෂ්ට කළෙමි. ඔබ හමුවන පිනිස ආශාවෙන් ඔබ සොයා ආවේ ඒ නිසාය.දැන් ඉතින් ඔබ මට හමුවිය. මිසරයේ පාට පාට නූල්වලින් කල විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත. සුවඳ ලාටු වලින්ද, අගිල් වලින්ද, කුරුඳු වලින්ද, මාගේ යහනට සුවඳ කැවූයෙමි. එන්න , උදය වනතුරු පෙම් බඳුනෙන් බොමු. ආදරයෙන් මත්වෙමු. අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු දුර ඈත ගමනක් ගොස් ඇත. ඔහු බොහෝ මුදල් රැගෙන ගියේය. මහ පෝය වනතුරු ඔහු ගෙදර එන්නේ නැත. " ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගනී. එකෙනෙහිම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන්ද, මළපුඩුවට දුවන මුවකු මෙන්ද, උගුලට වහා පියඹා යන පක්ෂියෙකු මෙන්ද, ඇය කැටුව ගියේය. ඊගස ඔහුගේ අක්මාව විදගෙන යනතුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේය. එබැවින් මාගේ පුත්රය, මට සවන් දෙන්න. මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න. ඈගේ මාවත්වල යාමට ඔබගේ සිත නොපෙළඹේවා! ඇගේ මාර්ගවල මංමුලා නොවන. බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත්වූහ. ඈ නිසා විපතට පත්වූහ. ඈ නිසා විපතට පත්වූ ගණන් විශාලය. ඇගේ නිවස පාතාලයට යන මඟය. මරුවාගේ මැදිරිවලට බැසයන මාවතය. හිතෝපදේශ (7:6-27) |
දවසක් සවස රජතුමා ලිපියක් ලියමින් ඉද්දි, සුපුරුදු පරිදි සේවකය දැල්වූ ඉටිපන්දමක් අරන් ආවලු මේසෙට තියන්න. කොහොමහරි සේවකයගේ නොසැලකිල්ල නිසා ඉටිපන්දමේ දැල්ල රජතුමාගෙ කොන්ඩෙට වැදිල කොන්ඩෙ එකපාරම ගිනිගත්තලු. | |
රජතුමා එකපාරම ගිනිදැල්ල ගසාදමල ගින්න නිමුවලු. ඊටපස්සෙ තමුන් කර කර උන්නු වැඩේ දිගටම කරගෙන ගියාලු. | |
පහුවදා රජතුමා වැඩකරද්දි ඉටිපන්දම අරන් ආවෙ වෙනත් සේවකයෙක්ලු. වෙච්ච සිද්දිය ආරන්චිවෙලා තමුන්ගෙ උපදේශකයින් කලින් උන්නු සේවකයව එලවල තියෙන බව රජතුමාට තේරුම් ගියාලු. | |
රජතුමාට තමුන්ගෙ කලින් උන්නු සේවකය ගැන ලොකු දුකක් ඇතිවුනාලු. ඔහු තමුන්ගෙ උපදේශකයන් ලඟට ගිහිල්ල කිව්වලු " කලින් උන්නු සේවකයවම එවන්න. මොකද දැන් ඔහු ඉටිපන්දම පරිස්සමට ගෙනත් තියන එක ගැන ප්රවීණයෙක් . " කියල. |
වයසක අංකල් කෙනෙක් තමුන්ගෙ සුරතල් බල්ලත් එක්ක පාරෙ ඇවිදන් යද්දි හදිසි අනතුරක් වෙලා දෙන්නම එතනම මියගියාලු. දැන් දෙන්නගෙම ආත්මයන් දෙක අලංකාර තාප්පයක් අයිනෙන් තියෙන පාරක් දිගේ ඇවිදන් යනවලු. යද්දි ඉස්සරහින් තියෙනවලු රනින් කරපු ලස්සන විශාල ගේට්ටුවක්. | |
අංකල් ට දැන් හොඳටම විශ්වාසයි ලු තමුං ස්වර්ගයට ඇවිත් කියල. ගේට්ටුවට ඇතුලෙන් උද්්යාන බංකුවක වාඩිවෙල ඉන්නවලු දිවසලු ඇඳගත්තු බොහොම පියකරු මනුස්සයෙක්. අංකල් කතාකරල ඇහුවලු "මේ.. මේක ස්වර්ගයද ? " කියල. අර මනුස්සය හිනාවෙලා උත්තරදුන්නලු " ඔව් මහත්මයා .." කියල. | |
අංකල්ට හොඳටම තිබහයි ලු . අංකල් ඇහුවලු "මට වතුර ටිකක් බොන්න පුලුවන්ද ?" කියල. "අපොයි පුලුවන්." අර මනුස්සය උත්තර දුන්නලු. විශාල ගේට්ටු දෙක විවරවුනාලු . පිරිසිඳු වතුර වීදුරුවක් ගත්තු සේවකයෙක් එනව අංකල් දැක්කලු. අංකල් තමුන්ගෙ බල්ලත් එක්ක අස්සට එන්න ඇතුල්වුනාලු. එතකොට අර කලින් හිටපු මනුස්සය ටිකක් සද්දෙන් කිව්වලු " මහත්මයා.. අපි බල්ලොන්ව අස්සට ගන්නෙ නේ." කියල. | |
අංකල්ට මාර අප්සට්ලු. ඇහුවලු "එහෙනන් බල්ලට වතුර ටිකක් ගන්න පුලුවන්ද ?" කියල. අර මනුස්සය උත්තරදුන්නලු "සමාවෙන්න. අපි බල්ලොන්ට වතුර දෙන්නෙත් නෑ." කියල. තමුන්ගේ එකම හිතවතා වෙන සුරතල් බල්ලව දාල යන්න දුක නිසා අංකල් පාර දිගේ දිගටම යන්න පිටත් උනාලු. | |
ඉදිරියට එද්දි තියෙනවලු ටිකක් අබලන්, ගොවිපලක් වගේ තැනක්. මෙතන්ට ඇතුල්වෙන තැන ගේට්ටුවක්වත් නෑලු. අංකල් බල්ලත් එක්කම ටිකක් ඇතුලට ගියාලු. කිට්ටුව ගහක් යට මනුස්සයෙක් බොහොම නිස්කලංකව පොතක් කියවමින් ඉන්නවලු. අංකල් ඇහුවලු " මටයි මගේ බල්ලටයි වතුර ටිකක් බොන්න පුලුවන්ද ? " කියල. " අපොයි පුලුවන්, අර නළ ලිඳෙන් ඕනතරං වතුර අරන් බොන්න. එතනම තියෙන භාජනේට වතුර දාල බල්ලටත් වතුර දෙන්න" මනුස්සය කිව්වලු. | |
අංකල්ට ගොඩක් සන්තෝසයි ලු. අංකල් ඇහුවලු " මේ තැන මොකක්ද ?" කියල.
"මේ තමා මහත්මයා ස්වර්ගය.." මනුස්සය උත්තර දුන්නලු. "එතකොට අරක ?" අංකල් ඇහුවලු."ආ. ඒක තමා අපාය." කියල මනුස්සය උත්තර දුන්නලු. | |
පරිවර්තනයට උපුටාගැනීම මෙතනින් | |
http://sinhala-catholic.blogspot.com |